Tuesday, February 28, 2017

පිපුණු මල ලිසී

කටුගොහොලින් පිපුණු මල ලිසී
ජීවිතය කියන්නෙ දුෂ්කර ගමනක්,ඒ ගමනෙදි විවිධ බාධක අපිට හම්බෙනවා ඒවා හමුවේ මිනිස්සු විවිධ ප්‍රතිචාර දක්වනවා.මොනවා වුනත් දැන් මේ කියන්න යන්නේ ඒ දුෂ්කර ජීවිතය ජයගත්ත දිරිය තරුණියක් ගැන .ලිසී වැලස්ක්වෙස් නමින් 1989 මාර්තු මාසේ දහතුන්වෙනිදා මෙලොව එලිය දුටු ඇය උපතින් විරූපි බිළිදියක් වුනා.ඒත් ඇගේ මව්පියන් කවදාවත් ඇයට ආදරෙන් නම් අඩුවක් කලේ නෑ.ඇයගේ උපන් බර වුනේ රාත්තල් දෙකක් පමණ ප්‍රමාණයක්.මේ හේතු නිසා  දොස්තරලා මැගේ ජීවිතේ ගැන ගොඩක් බියෙන් හිටියේ.එක්සත් ජනපදයේ ටෙක්සාස් හි ඔස්ටින් වල ජීවත් වන මැයගේ පාසල් දිවියද කටුක විය.දිනක් අන්තර්ජාලයේ දුටුවා ඇය ලොව අවලස්සනම කෙනා බව .මේක දැකපු ලිසී ගොඩක් කලකිරීමෙන් හිටියේ.අපහාස නින්දා වලින් පිරුණු ජීවිතයක් ගත කල ඇය තමා වැනි හිංසාවට ලක් වෙන අය වෙනුවෙන් කතා කලා .මේ හැම දෙයකින්ම  හඩ අවදිකල ඇය 2010 වසරේදී lizzie beautiful කියන පොත රචනා කලා.ලෝ පුරා අවදානය ලබාගත් ඇය දැන් ලෝකයාගේ ගෞරවයට ලක් වෙනවා.පෞරුෂය වර්ධන උපදේශකවරියක් ලෙසින් කටයුතු කරන ඇයට මහත් රුකුලක් වූයේ රීටා වන ඇයගේ මවයි.
විවිධ හේතු නිසා දිවි අහිමිකරගනිමින් කටයුතු කරන වර්තමාන තරුණ පරපුරස ලීසී ලබාදෙන්නෙ මහත් ආදර්ශයක් .තමන්ගේ දක්ශතාවය හදුනමින් කටයුතු කරන ලීසි වැනි අය සියල්ලන්ගේම අවදානය දිනා ගනි.

සටහන- සංජු දිල්ශාන්
       

සොදුරු දිවි සකසමු යහමින්.....

පාට පොදක් සේ දිවි සිත්තම්       කෙරුවත්,
මහමෙර සේ ජීවිතයට සවි              දුන්නත්,
රන්රස මෙන් එකලෙස අප              සිටියත්,
දිනක සැවම හැරයයි ලොව කොයි සිටියත්..
                  ***********************

පටසලු රනින් ගෙත්තම් කරමින්     ඇන්දත්
දබරන් ගලින් සැදි අබරණ ගෙල     දැම්මත්
අමරස අහර බුදිමින් බඩ                 පිරුණත්
දිනක සැවම හැරයයි ලබමින්          හිස් අත්
                **************************

තඹර මලක් වනු මඩ ගොහොරින්   පිපෙන
නිමල වදන් පවසනු පෙණපිඩු සේ නැගෙන
විසල රුකක් වනු නිසිකල පල              දරන
දැහැමි දිවිය සකසව් මළ දින  සැම      අඩන
               *****************************

එස්.දිල්ශාන්
2017.01.06
මොරටුව

Sihinaya

හීනයක් පසුපස යමි
නොදනිමි කිමද කියා
දිනක දොරගුළු හරිමි
සැමට යුතුදම් පහදලා..

දින හුගක් ඇත එයට
වෙහෙසවිය යුතු මගට
හෙට සිසිල වනු පිණිස
ගසක් සිටුවමි බුද්ධියේ...

මුකුලිත නොවනට මාගේ පැතුමක්
විකසිත වෙන්නට සරසවි වරමක්
තව කල් බෝ වී මා හට තිබුනත්
හෙට දින සිතමින් ලබනිමි දැනුමක්